අති දුර්ලභ මහා බලගතු ජයපිරිත 21 වර සජ්ජායනය. Jaya Piritha 21 time Chanting


බෞද්ධාලෝකනය මගින් ක‍්‍රියාවට නැංවූ මෙම උතුම් පුණ්‍යක‍්‍රියාව මගින් සුවහසක් බෞද්ධජනයාගේ සිත සතන් සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත්ම වේවා ! වෛර නැත්තෝ වෙත්වා ! තරහා නැත්තෝ වෙත්වා ! ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ! දුක් පීඩා නැත්තෝ වෙත්වා !සුවසේ ජීවත් වෙත්වා ! ශාන්ත සුවයට පත් වේත්වා ! සාදු ! සාදු ! සාදු !

සිංහල තේරුම සහිත මහා බලසම්පන්න ජයපිරිත

සිිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඥඤධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ද්වත්තිංස මහා පුරිසලක්ඛණානුභාවේන අසිත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන අට්ඨුත්තරසත මංගල ලක්ඛණානු භාවේන ජබ්බන්නරංස්‍යයානුභාවේන කේතුමාලානු භාවේන දසපාරමිතානු භාවේන දස උප පාරමිතානු භාවේන දසපරමත්ත පාරමිතානු භාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානු භාවේන ධම්මානු භාවේන සංඝානු භාවේන තේජානු භාවේන ඉධ්‍යනුභාවේන බලානුභාවේන ඤෙය්‍යධම්මානු භාවේන චතුරාසීතිසහස්ස ධම්දක්ඛන්ධානුභාවේන නවලෝකුත්තර ධම්මානු භාවේන අට්ඨංගිකමග්ගානු භාවේන අට්ඨ සමාපත්‍යානු භාවේන ජලභිඤ්ඤානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානු භාවේන සබ්බ පාරමිතානු භාවේන රතනත්තයසරණානු භාවේන තුයිහං සබ්බ රෝග සෝක උපද්දව දුක්ඛ දෝමනස්සුපායාසා විනස්සන්තු සබ්බ සංකප්පා තුය්හං සමිජ්ඣන්තු දීඝායුකෝ හෝතු සතවස්ස ජීවේන සමංගිකෝ හෝතු සබ්බදා ආකාස පබ්බත වනභූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවතා සදා තුම්හේ අනුරක්ඛන්තූ සබ්බ බුද්ධානු භාවේන සබ්බ ධම්මානු භාවේන සබ්බ සංඝානු භාවේන බුද්ධරතනං ධබ්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්ධානු භාවේන පිටකත්තයානු භාවේන ජිනසාවකානු භාවේන සබ්බේ තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේතේ අන්තරායා සබ්බේතේ උපද්ධවා සබ්බේතේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු ආයු වඞ්ඪකෝ ධන වඞ්ඪකෝ සිරි වඞ්ඪකෝ යස වඞ්ඪකෝ බල වඞ්ඪකෝ වණ්ණවඞ්ඪකෝ සුඛවඞ්ඪකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භයාවේරා සෝකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපී විනස්සන්තු ච තේජසා ජයසිද්ධි ධනං ලාභං සොත්ථිි භාග්‍යං සුඛං බලං සිරියායු ච වණ්ණෝ ච භෝගං වුද්ධි ච යසවා සතවස්සා ච ආයු ච ජීව සිද්ධි භවන්තු තේ !!! ජය පිරිතේ සම්පූර්ණ සිංහල තේරුම ශ්‍රී සෞභාග්‍ය ධෛර්යය බුද්ධි තේජස් ඇත්තා වූ ජය සිද්ධි මහා ඉර්ධි මහා ගුණ ඇත්තා වූ අපරමාණ පුණ්‍ය සම්භාරයක් ඇත්තා වූ සකලාන්තරාය ¥රීභූත කිරිමට ශක්තිය ඇත්තා වූද ඒ භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුදු රාජයාණන් වහන්සේගේ දෙතිස් මහා පුරිස් ලක්‍ෂණ අනුහසින් ද අසු අනු භ්යඤ්ජන ලකුණු අනුහසින්ද එකසිය අටක් මගුල් ලකුණු අනුහසින්ද සවණක් ඝණ බුදුරැුස් අනුහසින්ද කේතුමාලාවේ අනුහසින්ද දස පාරමිතා අනුහසිනුද දස උප පාරමිතා අනුහසින්ද දස පරමත්ත පාරමිතා අනුහසින්ද සීල සමාධි ප‍්‍රඥ්ඥාවන්ගේ අනුහසින්ද බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ අනුහසින්ද තේජස් වල අනුහසිනුද ඉර්ධියේ ආනුභාවයෙන්ද සියලූ බලයන්ගේ ආනුභාවයෙන්ද දතයුතු සියලූ ධර්මයන්ගේ ආනුභාවයෙන්ද අසූ හාරදහසක් ශ්‍රී ධර්මස්කන්දයේ ආනුභාවයෙන්ද නව ලොව්තුරු දහමේ අනුහසින්ද අර්යඅෂ්ඨාංගික මාර්ගයේ අනුහසිනුද අට සමවත් අනුහසින්ද ෂඞ් අභිඤ්ඤාවන්ගේ අනුහසින්ද මෙත්තා කරුණා උපේක්‍ෂාවන්ගේ ආනුභාවයෙන්ද සියලූ පාරමිතාවන්ගේ අනුහසින්ද තෙරුවන් සරණේ අනුහසින්ද ඔබගේ සියලූම රෝගද ශෝකයන්ද උපදාවයන් ද සිලූම දුක් දොම්නස් ද දුරුවේවා ! ඔබගේ සියලූ පැතුම් ඉටුවේවා ! දීර්ඝායුෂ ලභා සතවසක් ජීවත්වීමේ වාසනාව උදාවේවා ! අහස පර්වථ වන භූමි තටාකයන්ද ගංගා සහ මහා සමුදායටද අධිගෘහිත වූ සියලූම දෙවියෝ සදා කල්හිම ඔබ රැුකදේවා ! සියලූම බුද්ධ ධම්ම සංඝ ආනුභාවයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන්ගේ බලයෙන්ද අසූ හාරදහසක් ශ්‍රී ධර්මස්ඛන්ධයේ ආනුභාවයෙන්ද් තුන් පිටකයේ ආනුභාවයෙන්ද බුද්ධ ශ‍්‍රාවකයන්ගේ ආනුභාවයෙන්ද ඔබගේ සියලූම රෝග බිය අන්තරායන් උවදුරු අසුබ නිමිතිද සියලූම අවමංගල්‍යයන්ද විනාශ වේවා ! ආයු වැඬේවා ! ධනය දියුණු වේවා ! සිරිය වැඩි වේවා ! යසස බලයද දියුණු වේවා ! පැහැය වැඩි වේවා ! සැපය තව තවත් වැඩි වේවා ! නිදුක් බව වේවා ! සදා කල්හිම ජයම වේවා ! සියලූම දුක් රෝග භිය සෝක උවදුර වෛරය අනතුරු සියල්ල දුරුව ගෝස් සාමය උදාවේවා ! ජය ධන ලාභ යහපත වාසනාවද සැප බල සිරිය ආයුෂ සිරුර පැහැයද සියලූ සම්පත් යසස දියුණුව ලබමින් නොමද සියවස් ආයු ලැබ ඔබ සැරදේ නිබද !!! සාදු ! සාදු ! සාදු !

Comments